තායි මාළු කේක්
මාළුවලින් කේක් හදන්න පුළුවන් කිව්වොත් සමහරවිට ඔබ පුදුමවේ. එහෙත් බලන්න මේ වට්ටෝරුවට අනුව මාළු කේක් ඔබටත් හදන්න පුළුවන් කියල. අ වශ්‍ය වෙන්නෙ:- කටු නැති සුදු මාළු - 500g (තෝරා, ගල්මාළු) හීනියට කපාගත් දොඩම් කොළ - 2 බිත්තර - 1 කෝන් පිටි මේස හැඳි - 1 - 2 කෑලි මිරිස් තේ හැඳි - 1 - 2 බේකිං පවුඩර් තේ හැඳි - 1/2 පොඩියට කපා ගත් ලූනු ගෙඩි - 1 පොඩියට කපාගත් අඟලේ ඉඟුරු කෑලි - 1 මුඩු නැති හොඳ තෙල් වර්ගයක් බැද ගැනීම සඳහා සාදන ආකාරය :- මාළු තරමක පොඩි කෑලිවලට කපා බ්ලෙන්ඩරයකට දමා ගන්න. අනිකුත් වර්ග දමා හොඳින් අඹරා ගන්න. සියල්ල අඹරා ගත් පසුව එයට කෝන් පිටි එක් කරන්න. දැන් එම මිශ්‍රණය සුදුසු භාජනයකට දමා අතින් හොඳින් අනාගන්න. වතුර ගතිය වැඩි නම් අවශ්‍ය ප්‍රමාණයට කෝන්පිටි එකතු කර ගන්න. දැන් රොටී මිශ්‍රණයක් සේ අනා දෙහි ගෙඩි ප්‍රමාණයේ බෝල සාදා අල්ලෙන් තුනී කර රත්වූ ගැඹුරු තෙලෙහි රන්වන් පාට වන තෙක් බැද ගන්න. තායි ස්විටි චිලි සෝස් සමඟ කන්නත් පංකාදුයි. උපුටා ගැනීම : kitchen.tharunaya.us