මාළු ඩෙවල්



අවශ්‍ය දුව්‍ය
  1. තෝර මාළු 500ට
  2. ලොකු ළූණු 50ට
  3. මාළු මිරිස් 100ට
  4. තක්කාලි ගෙඩි 02
  5. අමු මිරිස් කරල් 05
  6. මිරිස් කුඩු 2ඔිච
  7. කෑලි මිරිස් 1ඔිච
  8. තක්කාලි සෝස් 5ඔිච
  9. සීනි ස්වල්පයක්
  10. අජිනමොටෝ 1ඔිච
  11. ඉගුරු ස්වල්පයක්
සාදන ක්‍රමය

තෝර මාළු කුඩා කැබලි වලට කපා සෝදා ලුණු, ගම්මිරිස් දමා අතගා විනාඩි 15ක් පමණ තබා ගැඹුරු තෙලේ බැද ගන්න. ලොකු ළූණු ගෙඩි 4ට පලා පියලි ගලවා ග්නන. මාළු මිරිස්වල ඇට ඉවත් කර කැමති හැඩයකට කපා ගන්න. තක්කාලි දිග අතට කපා ගන්න. 

තෙල් ලිපේ තබා රත්වූ විට තලාගත් ඉගුරු, සුදු ළූණු, කැපූ අමු මිරිස්, මාළු මිරිස්, ලුණු එකතු කරන්න. එය තෙම්පරාදු වූ විට කෑලි මිරිස්, මිරිස් කුඩු එක් කරන්න. තක්කාලි සෝස් හා වතුර ස්වල්පයක්ද එක් කරන්න. උකු ගතිය ඇතිවන විට තක්කාලි කැබලි දමා ඒවා තැම්බීගෙන ඒමට පෙර ලිපෙන් බා ගන්න.

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments