Posts

Showing posts from September, 2018

ජාඩි ඇඹුලට

Image
අවශ්‍ය ද්‍රව්‍ය බලයා හෝ කෙලවල්ලන් ජාඩි ග්‍රෑම් 200 තක්කාලි ග්‍රෑම් 250 ලොකු ලූනු ගෙඩියක්   සුදුලූනු බික් 10 යි කොච්චි ග්‍රෑම් 20 ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 මිරිස් කුඩු තේ හැඳි 2 කහ ස්වල්පයක්   මිටිකිරි අඬු කෝප්ප 1/2 ලුණු අවශ්‍ය නම් පමණක්   සාදන ආකාරය     ජාඩි සෝදා කැබැලි වලට කපා මැටි ඇතිලියකට දමන්න. දැන් එයට කපාගත් ලූනු, සුදුලූනු, රම්පේ, මිරිස් කුඩු, ගම්මිරිස් දමා අතගා වතුර ටිකක් එකතු කර ළිප තබන්න. තක්කාලි කුඩාවට කපා දමන්න. තක්කාලි කැබැලි තැම්බිගෙන එන විට මිටිකිරි ටික දමා කලවම් කර ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

උඩ කබල තබා සාදන මාළු ඇඹුල් තියල්

Image
අවශ්‍ය ද්‍රව්‍ය කෙලවල්ලන් ග්‍රෑම් 500 ගොරකා ඉති 4-5ක් ගම්මිරිස් මේස හැඳි 2 කරපිංචා කිනිත්තක් කුරුඳු‍පොතු කැබැල්ලක්   ලුණු රසට අනුව, කෙසෙල් කොළයක්   අඟුරු කබලක්   සාදන ආකාරය  මාළු හොඳින් පිලී යන ලෙස සෝදා තරමක කැබැලි කපා ගන්න. ඉන්පසු එය බඳුනකට දමා ලුණු, ගම්මිරිස් හොඳින් සිහින් පාප්පයක් සේ අඹරාගත් ගොරකා, කරපිංචා දමා හොඳින් අතගා සීසන් වන්නට තබන්න. දැන් මැටි ඇතිලියක් ගෙන එහි අඩියට කෙසෙල් කොළයක් දමා ගන්න. දැන් සීසන් කරගත් මාළු මෙහි පිළිවෙළට අඩුක් කරගන්න. මාළු තිබූ බඳුනට වතුර ස්වල්පයක් දමා කලතා එය මාළු උඩින් වත් කරන්න. දැන් සාමාන්‍ය ආකාරයට ලිප තබා ගින්දර දමන්න. ‍පොල් කටු පුළුස්සා ගත් ගිනි අඟුරු සහිත කබලක් උඩින් තබන්න. මාළු ටික ඉතා මද ගින්දරේ පිසගන්න. හොඳින් වියැළුණු මාළු ඇඹුල්තියලක් ඔබට ලැබේවි.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

ෆිෂ් කේක්

Image
අවශ්‍ය ද්‍රව්‍ය තෝර මාළු හෝ පරව් මාළු 350g (මාළු වල මස් ටික පමණක් ගෙන කෑලි වලට කපා ගන්න) බිත්තර සුදුමද 2 ඉගුරැ තේ හැදි 2 කොත්තමල්ලී කොළ මේස හැදි 2 හාල් පිටි මේස හැදි 3 ලුණු තේ හැදි 1 ගම්මිරිස් කෑලි තේ හැදි 1 සුදුළුණු බික් 2 (කුඩාවට කපා ගෙන) සාදන අන්දම මාළු පොඩියට කප‍ පසෙකින් තබා ගන්න. බිත්තර සුදුමද 2 මද වශයෙන් ගසා පසෙකින් තබා ගන්න. පොඩියට කපා ගත් ඉගුරැ, සුදුළුණු, කොත්තමල්ලී කොළ, මාළු, හාල් පිටි, ලුණු, ගම්මිරිස් හොදට කලවම් කර ගන්න. පෑන් එකක් ලිප තබා තෙල් ටිකක්දමා සාදාගත් ෆිෂ් කේක් මිශ්‍රණයෙන් ටික ටික ගෙන බර්ගර් හැඩයට සාදා ගෙන බැදෙන්න හරින්න. බැදුනාට පස්ව ලිපෙන් බා කෑමට ගන්න. දෙහි සමග පිළිගන්වන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

ඉන්දියානු විදියට මාළු ටික්කා මසාලා

Image
අවශ්‍ය දේවල්  මාළු ග්රෑ ම් 300 පමණ  කුඩාවට කපා ගන්නා ලද ලුණු ගෙඩි 2ක්  අබරා ගන්න ලද සුදුලුනු ස්වල්පයක්  සුදුරු තේ හැදී 1 ක්  මදුරු තේ හැදී 1 ක්  ගරම් මසාලා තේ හැදී 2 ක්  ගම්මිරිස්‌ තේ හැදී  1 ක්  මිරිස් කුඩු තේ හැදී 2 ක්  පාම් පිටි තේ හැදී 2 ක්  දෙහි යුෂ ස්වල්පයක්  ලුණු  කොතමල්ලි කොළ  මිංචි කොළ ස්වල්පයක්  යෝගට් ග්රෑසම් 100 පමණ  අවශ්ය  නම් කහ ස්වල්පයක් එක් කරන්න  සාදාගන්නා ආකාරය  ඉහත සදහන් සියල්ල බාජනයකට දමා හොදින් කවලම් කරගන්න .ඉන්පසු මාළු ටික බජනයට දමා මිශ්ර  කරගන්න  මිශ්රනණය පැයක් පමණ ශීතකරණයේ තබන්න . බජනයක් ගෙන හොදින් රත් කරන්න එයට මිශ්රන කරගත් මාළු ටික දමා විනාඩි 10 පමණ පිස ගන්න. ඉන්පසු බත් සමග මේසය මතට යවන්න .  උපුටා ගැනීම : kitchen.tharunaya.us

මාළු රසයට සුවිශේෂී ටුනා ෆිෂ්

Image
අවශ්‍ය ද්‍රව්‍ය :- කෙලවල්ලා මාළු ග්‍රෑම් 300 ( හම ගසා කටු ඉවත් කර හතරැස් කැබලි කපා ගන්න ) මාළු මිරිස් කරල් 3 ක් ලොකුවට කැබලි කපා ගන්න. බී ලූණු ගෙඩි 2ක් ලොකුවට කැබලි කපා ගන්න. තක්කාලි ගෙඩි 2ක් ලොකු කැබලි කපා ගන්න. අමු මිරිස් කරල් 3ක් 4ක් දිග් අතට කපා ගන්න. සුදුලූනු බික් 6ක් 7ක් දිග් අතට ලියා ගන්න . ඉඟුරු කැබැල්ලක් හීනියට පෙති කපා ගන්න. තෙල් ස්වල්පයක්,කෑලි මිරිස් තේ හැඳි 2ක් පමණතක්කාලි සෝස් මේස හැඳි 03ක් ,අඹ චට්නි මේස හැන්දක් පමණ හීනියට චොප් කරන්න (ලුණු රස අනුව). සාදා ගන්නා ක්‍රමය කපා ගත මාළු කැබලි වලට වතුර ටිකක් එක් කර ලුණු ස්වල්පයක් දමා තැම්බෙන්න හරින්න .වෙනත් භාජනයක් ලිප තබා තෙල් ස්වල්පයක් රත් කර එයට කපා ගත් එළවලු දමා යන්තම් බැද ගන්න . තම්බා ගත් මාළු ද එයට එකතු කර නොකැඩෙනසේ යාන්තමට බැද ගන්න.කෑලි මිරිස් , තක්කාලි සෝස් හා චට්නි ප්‍රමාණයද එක්කර රස අනුව ලුණු එක් කරන්න. උණුසුම්ව පිළිගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

තෝර මාළු තෙම්පරාදුව

Image
අවශ්‍ය ද්‍රව්‍ය තෝර මාළු ග්‍රෑම් 500 අමුමිරිස් කරල් 3 යි අමුඉඟුරු කැබැල්ලක් සුදුලූනු බික් 3යි ගොරකා ඉති 2ක් ගම්මිරිස් මේස හැඳි 1 කුරුඳු‍පොතු කැබැල්ලක් පාන්පිටි මේස හැඳි 2 මින්චි කොළ මිටක් ‍පොල්තෙල් ටිකක් ලොකුලූනු ගෙඩි 2-3ක් ලුණු රසට අනුව   කහ කුඩු ස්වල්පයක්   සාදන ආකාරය    මාළු පෙති සෝදා එයට ලුණු, ගම්මිරිස්, කහ කඩු, තලාගත් ඉඟුරු, සුදුලූනු, ගොරකා, කුරුඳු‍පොතු දමා වතුර ටිකක් එකතු කර තැම්බෙන්නට හරින්න. නටාගෙන එන විට ලොකුවට කපාගත් ලූනු පෙති සහ දික් අතට පලාගත් අමුමිරිස් එකතු කරන්න. දැන් ළිපෙන් බා මාළු පෙති ලූනු, අමුමිරිස් ටික බේරා පැතලි දීසියක අඩුක් කර ගන්න. ඉස්ම ටික වෙන්කර වෙනම තබා ගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත් කරන්න. පාන් පිටි එකතු කර බැදෙන්නට හරින්න. දැන් කූරුගාමින්ම මාළු ඉස්ම ටික දමා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් සාදාගත් සෝස් එක මාළු පෙති උඩින් වත්කරන්න. සෝදා පිරිසිදු කරගත් මින්චි කොළ සිහින්ව කපා උඩින් ඉස මේසයට යවන්න.   උපුටා ගැනීම : kitchen.tharunaya.us

දකුණට ආවේනික මාළු ඇඹුල්තියල්

Image
මාළු ඇඹුල්තියල් කියන්නේ දකුණට ආවේනික රසවත් කෑමක්. මේ ඇඹුල්තියල් මාළු ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල් අතරත් ඉතා ජනප්‍රිය කෑමක්. ඒ නිසාම බොහෝ දෙනෙක් අපෙන් නිරන්තරයෙන් අහපු දෙයක් තමයි ඇඹුල්තියල් හදාගන්නේ කොහොමද කියලා. ඒ නිසා අප මෙවර මාතර කළ සංචාරයෙදී ඇඹුල්තියල් හදන හැටි දැනගත්ත විතරක් නෙවෙයි ඔබටත් කියා දෙන්න තීරණය කළා.එහෙනම් ඔබත් මේ විදියට මාළු ඇඹුල් තියල් හදලා කෑම වේලට එක්කර ගෙන රස ගුණ බලලා අපිටත් කියන්න.   අවශ්‍ය ද්‍රව්‍ය 1. බලයා (අවශ්‍ය ප්‍රමාණයට) 2. කෙළවල්ලා (අවශ්‍ය ප්‍රමාණයට) 3. අඹරා ගත් ගොරකා 4. ගම්මිරිස් 5. ලුණු 6. රම්පේ 7. කරපිංචා 8. කුරුඳු, 9. සුදු ලූනු 10. එන්සහල් 11. වතුර ස්වල්පයක්   සාදන අයුරු බලයා හෝ කෙළවල්ලා මාළු අවශ්‍ය ප්‍රමාණයට ගෙන කෑලිවලට කපාගන්න. එය හොදින් සෝදා පැත්තකින් තබාගන්න. ඉන් අනතුරුව අඹරාගත් ගොරකා සහ ගම්මිරිස් වතුර ටිකක් සමඟ මිශ්‍ර කර පල්පයක් සේ සකස් කරගන්න. ඊට රම්ප, කරපිංච, කුරුඳු පොතු,එනසහල්, සුදුලූනු හා එකතු කරගන්න. එසේ සාදාගත් පල්පය මාළුවල දවටා මැටි හට්ටියකට දමාගන්න.ඉතිරි පල්පයද මාළු වැසෙන සේ දමා මද...