තෝර මාළු තෙම්පරාදුව



අවශ්‍ය ද්‍රව්‍ය
  1. තෝර මාළු ග්‍රෑම් 500
  2. අමුමිරිස් කරල් 3 යි
  3. අමුඉඟුරු කැබැල්ලක්
  4. සුදුලූනු බික් 3යි
  5. ගොරකා ඉති 2ක්
  6. ගම්මිරිස් මේස හැඳි 1
  7. කුරුඳු‍පොතු කැබැල්ලක්
  8. පාන්පිටි මේස හැඳි 2
  9. මින්චි කොළ මිටක්
  10. ‍පොල්තෙල් ටිකක්
  11. ලොකුලූනු ගෙඩි 2-3ක්
  12. ලුණු රසට අනුව 
  13. කහ කුඩු ස්වල්පයක් 
සාදන ආකාරය 
 
මාළු පෙති සෝදා එයට ලුණු, ගම්මිරිස්, කහ කඩු, තලාගත් ඉඟුරු, සුදුලූනු, ගොරකා, කුරුඳු‍පොතු දමා වතුර ටිකක් එකතු කර තැම්බෙන්නට හරින්න. නටාගෙන එන විට ලොකුවට කපාගත් ලූනු පෙති සහ දික් අතට පලාගත් අමුමිරිස් එකතු කරන්න. දැන් ළිපෙන් බා මාළු පෙති ලූනු, අමුමිරිස් ටික බේරා පැතලි දීසියක අඩුක් කර ගන්න. ඉස්ම ටික වෙන්කර වෙනම තබා ගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත් කරන්න. පාන් පිටි එකතු කර බැදෙන්නට හරින්න. දැන් කූරුගාමින්ම මාළු ඉස්ම ටික දමා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් සාදාගත් සෝස් එක මාළු පෙති උඩින් වත්කරන්න. සෝදා පිරිසිදු කරගත් මින්චි කොළ සිහින්ව කපා උඩින් ඉස මේසයට යවන්න.  

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments