Posts

තායි මාළු කේක්

Image
මාළුවලින් කේක් හදන්න පුළුවන් කිව්වොත් සමහරවිට ඔබ පුදුමවේ. එහෙත් බලන්න මේ වට්ටෝරුවට අනුව මාළු කේක් ඔබටත් හදන්න පුළුවන් කියල. අ වශ්‍ය වෙන්නෙ:- කටු නැති සුදු මාළු - 500g (තෝරා, ගල්මාළු) හීනියට කපාගත් දොඩම් කොළ - 2 බිත්තර - 1 කෝන් පිටි මේස හැඳි - 1 - 2 කෑලි මිරිස් තේ හැඳි - 1 - 2 බේකිං පවුඩර් තේ හැඳි - 1/2 පොඩියට කපා ගත් ලූනු ගෙඩි - 1 පොඩියට කපාගත් අඟලේ ඉඟුරු කෑලි - 1 මුඩු නැති හොඳ තෙල් වර්ගයක් බැද ගැනීම සඳහා සාදන ආකාරය :- මාළු තරමක පොඩි කෑලිවලට කපා බ්ලෙන්ඩරයකට දමා ගන්න. අනිකුත් වර්ග දමා හොඳින් අඹරා ගන්න. සියල්ල අඹරා ගත් පසුව එයට කෝන් පිටි එක් කරන්න. දැන් එම මිශ්‍රණය සුදුසු භාජනයකට දමා අතින් හොඳින් අනාගන්න. වතුර ගතිය වැඩි නම් අවශ්‍ය ප්‍රමාණයට කෝන්පිටි එකතු කර ගන්න. දැන් රොටී මිශ්‍රණයක් සේ අනා දෙහි ගෙඩි ප්‍රමාණයේ බෝල සාදා අල්ලෙන් තුනී කර රත්වූ ගැඹුරු තෙලෙහි රන්වන් පාට වන තෙක් බැද ගන්න. තායි ස්විටි චිලි සෝස් සමඟ කන්නත් පංකාදුයි.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

මාලු ඇඹුල් තියල් සම්ප්‍රරදායෙන් ඔබ්බට

Image
අවශ්‍ය දේවල් මාලු කිලෝ 1 (බලයන් හෝ කෙලවල්ලන් ) ගම්මිරිස් ඇට මේස හැදි 2-3ක් ගොරක කැබලි 6-7ක් අමු මිරිස් කරල් කිහිපයක් ඉගුරු කැබැල්ලක් සුදුලූනු බික් 3-4 මිරිස් කුඩු තේ හැදි 1 කරපින්චා ස්වල්පයක් එන්සාල්>කරාබුනැටි සහ කුරුදු කුඩු තේ හැදි 1ක් තෙල් අවශ්‍ය පමණ වතුර කෝප්ප බාගයක් ලුනු අවශ්‍ය පමණ සාදන ආකාරය මාලු කපා සෝදා වතුර බේරා ගන්න.පසුව ලුනු ස්වල්පයක් අතගා පැත්තකින් තියන්න. ගොරකා තබ්බා ගලේ අඹරා ගන්න. පැත්තකින් තියන්න.ගම්මිරිස්, සුදුලූනු සහ ඉගුරු කෑලි නොසිටින්න එකට අඹරා ගන්න. අමුමිරිස් කරල දෙකට හෝ තුනට කපා ගෙන පැත්තකින් තියන්න. තෙල් දැමූ තාච්චියක් ලිප තබා තෙල් රත් වනවිට මාලු කෑල්ලෙන් කෑල්ල දමා බැද ගන්න. ( ටිකක් බැද ගත්තම ඇති කරපාටට එනතුරු බදින්න එපා) දැන් තෙල් බේරෙන්න තියන්න. මැටි බාජනයක් ගෙන එයට ගොරකා පේස්ට් එක,ගම්මිරිස් ඉගුරු සහ සුදුලූනු පේස්ට් එක,මිරිස් කුඩු,එන්සල්,කරාබුනැටි සහ කුරුදු මේස හැදි එක සහ ලුනු ස්වල්පයක් ( ලුනු ගොඩක් දාන්න එපා මොකද අපි මාලු බැද ගත්තෙත් ලුනු අතගාල නිසා ) දමා වතුර කෝප්ප බාගයත් දමා හොදින් දිය කර ලිපේ තියන්න. මෙය රත් වී ගෙන එනවිට මදක් බැද ගත් ම...

මාලු මෝජු

Image
අවශ්‍ය දේවල් මාලු  කහ මිරිස් කුඩු ගම්මිරිස් කුඩු රස අනුව ලුණු සාදාගන්නා ආකාරය  මාලු පොඩි පෙති වලට කපා හොදින් සෝදා වතුර බෙරන්න.එකට කහ,මිරිස් කුඩු,ගම්මිරිස් කුඩු සහ රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කර පැයක් පමණ තියන්න. මාලු ටික ගැඹුරු තෙලේ රන්වන් පාටට බැද ගන්න. භාජනයක් ලිප තබා මිරිස් කරල් ටිකක් කොත්තමල්ලි සුදුරු මාදුරු ටිකක් බැද අබරා ගන්න.ඉන් පසුව වෙනත් භාජනයක් ලිප තියා එකට තෙල් ටිකක් දමා රත් වු පසු ඉගුරු සුදුලුනු පේස්ට් හා කුරුදුපොතු කැල්ලක් කුඩු කරගත් එනසාල් ටිකක් දමා බැදෙන්නට හරින්න. එයටම ලොකුවට කපා ගත් ලොකු ලුනු මාලු මිරිස් දමා මිශ්‍ර කරන්න.එයටම ගම්මිරිස් කුඩු කහ කුඩු අමුතුනපහ ටිකක් කලින් කුඩු කර ගත් මිශ්‍රණ්යත් දමා හොදින් මිශ්‍ර කරන්න. එයටම අබ කුඩු ටිකක් හො පෙස්ට් ටිකක් විනාකිරි සමග මිශ්‍ර කර දාන්න.එයටම බැද ගත් මාලු දමා හොදින් මිශ්‍ර කරන්න. එකට අඹ චට්නි හෝ ලුනු දෙහි ටිකක් දමා ටික වෙලාවක් තබා බාන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

මාළු ඩෙවල්

Image
අවශ්‍ය දුව්‍ය තෝර මාළු 500ට ලොකු ළූණු 50ට මාළු මිරිස් 100ට තක්කාලි ගෙඩි 02 අමු මිරිස් කරල් 05 මිරිස් කුඩු 2ඔිච කෑලි මිරිස් 1ඔිච තක්කාලි සෝස් 5ඔිච සීනි ස්වල්පයක් අජිනමොටෝ 1ඔිච ඉගුරු ස්වල්පයක් සාදන ක්‍රමය තෝර මාළු කුඩා කැබලි වලට කපා සෝදා ලුණු, ගම්මිරිස් දමා අතගා විනාඩි 15ක් පමණ තබා ගැඹුරු තෙලේ බැද ගන්න. ලොකු ළූණු ගෙඩි 4ට පලා පියලි ගලවා ග්නන. මාළු මිරිස්වල ඇට ඉවත් කර කැමති හැඩයකට කපා ගන්න. තක්කාලි දිග අතට කපා ගන්න.  තෙල් ලිපේ තබා රත්වූ විට තලාගත් ඉගුරු, සුදු ළූණු, කැපූ අමු මිරිස්, මාළු මිරිස්, ලුණු එකතු කරන්න. එය තෙම්පරාදු වූ විට කෑලි මිරිස්, මිරිස් කුඩු එක් කරන්න. තක්කාලි සෝස් හා වතුර ස්වල්පයක්ද එක් කරන්න. උකු ගතිය ඇතිවන විට තක්කාලි කැබලි දමා ඒවා තැම්බීගෙන ඒමට පෙර ලිපෙන් බා ගන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

මාළු පුඩින්

Image
අවශ්‍ය ද්‍රව්‍යය : තම්බා ගත තෝරා මාළු ග්‍රෑම් 250 රතු ළුෑණු ගෙඩි 1 හීනියට ලියූ අමුමිරිස් කරල් 2 පොල් කිරි කෝප්ප 1/2 ලූණු, ගම්මිරිස්, කහ කුඩු, දෙහි ස්වල්පයක් බිත්තර 3 සාදා ගන්නේ මෙහෙමයි : බිත්තර කඩා භාජනයකට දමා ගසා ගන්න. තෝරා මාළු පොඩි කර එයටම එකතු කරන්න. අනෙක් ද්‍රව්‍යය ද එයටම එක්කර හොදින් මිශ්‍ර කරන්න. බටර් ගාන ලඳ භාජනයක වාෂ්පයෙන් තම්බා ගන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

මාළු - මිරිස් හොද්ද

Image
අවශ්‍ය දේවල් : මාළු ගොරකා සුදු ලූණු කරපින්චා අමු මිරිස් දෙහි ලුණු සාදන ක්‍රමය :   මාළු ටික කැබලිවලට කපා ගොරකා යොදා දෙතුන් වරක් සෝදා භාජනයකට දමන්න. ඉන්පසු සුදු ලූණු, කරපින්චා, අමු මිරිස්, දෙහි ඇඹුල් ලුණු අවශ්‍ය තරමට ( මිරිස් ඇඹරීමේදී අබ ගම්මිරිස් සූදුරු ගොරකා ස්වල්පයක්ද යොදන්න ) ඉන්පසු ඉහත අඩන්ගු සියලුම ද්‍රව්‍ය දමා මිරිස් සහ වතුරත් දමා ලිප තබන්න. හොදින් ඉදුණු පසු ලුණු ඇඹුල් බලා බා ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

මාළු අච්චාරු

Image
මාළුකිරට මිරිසට වගේ ඇඹුල්තියල් වලටත් අපි නිතරම හදනවා. ඒත් මාළු අච්චාරු මීටකලින් හදලා තියෙනවද. කෙළවල්ලන් වගේම තලපත් මාළුත් අපිට මේ විදියට හදා ගන්නපුළුවන්. ඒ කියන්නේ මාළු අච්චාරු විදියට. මාළු අච්චාරු හදන්න මුලින්ම මේබඩු ටික අරගන්න. අවශ්‍ය ද්‍රව්‍ය     මාළු ග්‍රෑම් 300     රතු ලූනු ග්‍රෑම් 150     අමු මිරිස් ග්‍රෑම් 100     අබ ග්‍රෑම් 50     සුදු ලූනු තේ හැඳි 1     සීනි තේ හැඳි 1     කහ කුඩු තේ හැඳි 1     ගම්මිරිස් කුඩු තේ හැඳි 1     විනාකිරි අඬු කෝප්ප 1 1/2     තෙල් අඬු කෝප්ප 1 1/2     ලුණු තේ හැඳි 1 1/2     දෙහි ගෙඩියක යුෂ තේ හැඳි 1 සාදන ක්‍රමය මුලින්ම තලපත් හරි කෙළවල්ලන් මාළු හරි සෝදලා අඟල් 1/2 විතර හතරැස් කෑලිවලට කපාගන්න. ඔයාල දිගටම අපිත් එක්ක එකතු වෙලා හිටියනම් අපි කලින් ලිපියක මිරිස්කපා ගන්න විදිය රූප සටහන්වලින්ම පෙන්නුවා. ඒ විදියට වෙන් නොවන විදියට අමුමිරිස් කපා ගන්න. ඊට පස්සෙ රතු ලූනු සුද්ද කරලා දෙකෙළවර කපලා පැත්තකින්තියන්න. මාළු කෑලිවලට ලුණුයි ...